ගම්පෙරළිය දිනයේම දුම්රිය වර්ජනයක් : අරමුණ පැහැදිළියි -  සජිත්

ගම්පෙරළිය දිනයේම දුම්රිය වර්ජනයක් : අරමුණ පැහැදිළියි -  සජිත්

රජය ‘ගම්පෙරලිය’ වැඩසටහන ආරම්භ කරන එළඹෙන 29 වන දින විරුද්ධවාදීන්ගේ මැදිහත් වීම තුළ නැවත වරක් දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සුදානම්වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාව මුළාකර ආණ්ඩුව පෙරලීමට උත්සාහ දරන පාර්ශව  යහපාලන රජය සිදු කරන සංවර්ධනය දැක  පුදුමයට පත්ව රජයේ නිවාස වැඩසටහනට පවා  ගරහමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියි. 

විරුද්ධවාදීන්ගේ මෙම වෛරය, ඊර්ෂ්‍යාව, කුහකම ඉබෝලා වෛරසය, ඒඩ්ස් හා පිළිකා යන රෝග වලට වඩා භායානක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිතුමන් සහ හිටපු නිවාස අමාත්‍යතුමන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට කී වරක් පැමිණියාද, මෙහි උදා ගම්මාන කොපමණ ඉදිකළාද, ජනතා ගැටලු වලට විසදුම් ලබා දුන්නාද කියා තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බව කී අමාත්‍යවරයා යහපාලන රජය ජනතාවට බඩකට පිරෙන්නට ඉඩම් ලබා දී නිවාස හා උදා ගම්මාන ඉදිකරමින් 2025 දී සැමට සෙවණ ලබා දෙන බවද මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර්, කිලිවේඩ්ඩි හි ඉදිකළ “මුත්තුමාරි නගර්”  උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (25) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ - යළි පිබිදෙන උදා ගම්මාන” වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 110 වන ආදර්ශ ගම්මානය මෙයයි.

“මුත්තුමාරි නගර්” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විතය. මෙම ගම්මාන දෙක ඉදිකිරීම සඳහා වැය කළ මුළු මුදල රුපියල් ලක්ෂ 330 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න