'අහන්න' අහන්න පාසල් දරුවන්ටත් දෙන්න 

'අහන්න' අහන්න පාසල් දරුවන්ටත් දෙන්න 

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (25) උදෑසන 10.00 ට බිබිල - විජයමුණි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ හවස 3.00 ට අම්බලන්තොට - අල් අක්බාර් මහා විද්‍යාලයේ දී  පැවැත්විණි.

එම වැඩසටහනේ විශේෂ අංගයක් වන ජනතා අදහස් දැක්වීමේ අවස්ථාවේ දී බිබිල ප්‍රදේශවාසියෙක් වන එම්. අබේරත්න මහතා අදහස් දක්වමින් ඉල්ලා සිටියේ 'අහන්න' වැඩසටහන පාසල් දරුවන් වෙනුවෙන් ද පවත්වන ලෙසයි. 

ඒ වගේ ම සියළු දෙනා එක සමානව, සියළු දෙනාගේ ලේ එකයි කියලා හිතාගෙන ජීවත් විය යුතු බවත් අබේරත්න මහතා තම අදහස් දැක්වීමේ දී වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ඉහළ ජනතා සහභාගීත්වයක් සහිතව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන හෙට (26)  සවස 3.00 ට සූරියවැව - ජීවනී ක්‍රීඩාංගනයේ දී සහ සවස 3.30 ට මැදගොඩ- නක්කලගොඩ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

IMG 20180825 095102

IMG 20180825 095519

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න