වැටුප් කමිටුවේ පළමු හමුව සඳුදා !

වැටුප් කමිටුවේ පළමු හමුව සඳුදා !

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා නිවරදි කිරීම සහ වැටුප් සම්බන්ධ ගැටළු විමර්ශනය සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කමිටුව පළමුවරට ලබන සඳුදා(27) දින ජනාධිපති කාර්යාලයේදී රැස්වන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම විශේෂ කමිටුව  සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ නම් පසුගියදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේය. කමිටුවේ  සභාපතිවරයා ලෙස එස්. රනුක්ගේ කටයුතු කරන අතර ලේකම් ධූරය එච්. ජී. සුමනසිංහට හිමිව තිබේ. 

පළමුවරට රැස්වන සඳුදා දින සාමාජිකයන් විශේෂිතව අධ්‍යනය කිරීමට නියමිත විශය ක්ෂේත්‍ර බෙදාදීම සහ කොමිසමේ කාර්යභාරය පිළිබඳ සාමාලෝචනයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

මෙය  පසුගිය 20 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් වලංගු වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ පවතින වැටුප් ගැටළු අධ්‍යනයකර ඒවා සඳහා විසඳුම් යෝජනා කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න