විදුහල්පතිනිය දනගැස්සවීමට අදාළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරයි !

විදුහල්පතිනිය දනගැස්සවීමට අදාළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරයි !

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුල්පතිනිය ආර්. භවානි මහත්මිය දනගැස්සවිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත පත් කළ කමිටුව විසින් සිදු කළ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කරන අතර අදාළ වාර්තාවේ  දන ගැස්සවීමේ සිදුවිමක් සිදුව නොමැති බවට සඳහන්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුල්පතිනිය ආර්. භවානි මහත්මිය දනගැස්සවිමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සකස් කරනු ලබන වාර්තාවේ කටයුතු අවසන් අදියරේ පවතින බව එම කොමිසම පවසයි.

එම වාර්තාව සකස් කිරිමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන නියාමන අංශ වෙත යොමු කිරිමට කටයුතු කරන බවද  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුල්පතිනිය ආර්. භවානි මහත්මිය දනගැස්සවිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත පත් කළ කමිටුව විසින් සිදු කළ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව දන්වමින් ලංකා ගුරු සේවා සංගමය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න