හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගීව ඇත.
දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරන්නටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



