ඒකාබද්ධය කැමති නම් ජනපතිවරණය ජනවාරියේ !

ඒකාබද්ධය කැමති නම් ජනපතිවරණය ජනවාරියේ !

විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලන එකඟතාවයකට පැමිණෙන්නේ නම් 2019 ජනවාරි මස ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තිරය පිටුපස ප්‍රබල දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මෙම සාකච්ඡාව ආරම්භ කළේ පසුගියදා විපක්ෂයට එක්වූ 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනකු විසිනි. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක්ද මීට දායක වී සිටිතියි වැඩිදුරටත් කියවේ. ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු බෙදාගතයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් සකස් කිරීම දක්වා මෙම කතාබහ දුරදිග ගොස් තිබෙන බව සඳහන්ය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතර කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව තරයේ ප්‍රකාශ කර ඇත.

එසේ වුවද මෙම කතාබහ ආරම්භ කළ ජ්‍යොෂ්ඨයන් සිය සාකච්ඡාව දිගටම පවත්වාගෙන යමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.
(දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න