බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර් 

බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර් 

කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

තම නිල ෆෙස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කරන මන්ත්‍රීවරයා මෙවැනි මඩ ප්‍රචාරවලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් සඳහන්කර සිටියි.

විශේෂයෙන්ම කොළඹ කොටුව අයිති වෙන්නේ මැද කොළඹට බවත් සුපර් මාකට් එක අයිති වෙන්නේ කොළඹ මහානගර සභාවටත් නිසා  තමන්  මේ පිළිබදව කිසිම දෙයක් නොදන්නා බවද සඳහන් කරන ඔහු   තමන් මන්ත්‍රීවරයෙකු වීමට පෙර  ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේදී පවා විහාරස්ථාන දියුණු කිරීමට මෙන්ම ලංකාවේ ප්‍රථම වරට රැ එළිවන තුරු ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවද සිහිපත්කර සිටියි.

එමෙන්ම  දැන් මන්ත්‍රීවරයෙකු ලෙසද ඉරිදා දිනයේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ එකම මන්ත්‍රීවරයා තමන් වන බවත්  මෙවැනි  මඩ ප්‍රචාර මගින් විහාරස්ථාන දියුණු කරන්න,  සම්බුද්ධශාසනයේ දියුණු කරන්න තමන්ගේ තියෙන කැපවීම නැති නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න