2025 පොහොසත් රටක් ස්ථිරයි - අගමැතිගෙන් පොරොන්දුවක් !

2025 පොහොසත් රටක් ස්ථිරයි - අගමැතිගෙන් පොරොන්දුවක් !

වත්මන් රජය දියත් කර ඇති සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමය තුළින් 2025 වන විට පොහොසත් රටක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ගත වූ තෙවසර තුළ විවිධ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ රටේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා පියවර තැබූ බවද  අග්‍රාමාත්‍යවරයා පවසයි.

එම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරලීම ඔස්සේ 2025 වසර වන විට පොහොසත් රටක් ගොඩනගන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

බදුල්ල චෙංකලඩි  මාර්ගයේ බිබිල සිට චෙංකලඩි දක්වා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපල නැවත ක්‍රියාත්මක කිරීම හරහා මොණරාගල, අම්පාර, පදියතලාව, මහියංගනය වැනි ප්‍රදේශවලට ශීඝ්‍ර සංවර්ධනයේ ප්‍රතිඵල ලැබෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න