සැප්තැම්බර් 05 දා කොළඹට බීමත් පිරිස් කැඳවා ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිකර ඒ හරහා ජාතික හා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සුදානම් වන බවට රාජ්‍ය බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
වැඩිදුරටත් ආනාවරණය කරගෙන ඇති ආකාරයට යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ 'සීමාව' බිඳදමා ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත.
එසේම ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකු එදින කොළඹට එන පිරිස්වලට බෙදාදීම සඳහා මත්පැන් තොග ගණනින් මේවනවිට මුදාහරිමින් සිටින බව බුද්ධි අංශ වැඩිදුරටත් වාර්තා කර ඇත.
රාජපක්ෂ පාලන සමයේ වංචා දුෂණ හා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සියලු දෙනාට පාහේ 10 දෙනෙකු සමග එදින උද්ඝෝෂණ වලට සහභාගී වන ලෙසත්, ප්‍රවාහන පහසුකම්, කෑම බීම සියල්ල තමන් විසින්ම දරා ගන්නා ලෙසත් උද්ඝෝෂණයේ සංවිධායකයින් ගෙන් උපදෙස් ලැබී ඇතැයි ද වාර්තාවී තිබේ.
මේ අතර සැප්තැම්බර් 5 විරෝධයේදී පොලිසිය පිට පටවා නාමල්ගේ සගයෙකු හෝ කිහිප දෙනෙකු ඝාතන කුමන්ත්‍රණයක්..! ක්‍රියාත්මක වන බව සමාජ ජාලා මාධ්‍ය ද මේ වන විට අනාවරණය කරමින් සිටියි.
මිනීමරු රාජපක්ෂලාගේ පහත් අපේක්ෂාව
ලසන්ත ඝාතනය සහ තාජුදීන් ඝාතනය තම පාලන සාමය තුළ විරුද්ධවාදීන් ඝාතනය කිරීමෙන් යටපත් කළ රාජපක්ෂලා කාලයක් තිස්සේ යහපාලන ආණ්ඩුවෙන් මළ මිනියක් ඉල්ලා සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. පළපුරුදු මිනීමරුවන් වන රාජපක්ෂවරුන් එළැඹෙන සැප්තැම්බර් 5 වෙනිදා උද්ඝෝෂණයේදී එම බිල්ල හෝ බිලි, ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ විපක්ෂයේ සිටියද මිනී වලින් තොර පැවැත්මක් ඊට නැති බව යළි යළිත් ඔප්පු කරමින්ය.
ඒ බව තවදුරටත් තහවුරු වන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා විසින් හම්බන්තොට වරාය උද්ඝෝෂණයේදී තම බිමත් සහචරයින් ලවා එවැනි උත්සහයක් දියත්කල පසුබිමක්ද පැවතීමය. එහිදී අත්අඩංගුවට පත් තරුණයින් වෙනුවෙන් පසුව කිසිඳු සොයා බැලීමක් හෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු නඩය සිදුනොකළ බව එදා අමාරුවේ වැටුණු පිරිස් අදටත් සිහිපත් කරයි.
කෙසේ වුවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ වන විට ගුරු හරුකම් ගන්නේ රුසියානු මාෆියාකාරයන් බව යන්නද දැන් ප්‍රසිද්ධ කාරණයක් වන අතර නාමල් ඔහුගේ මලයා වූ යෝෂිත සමග මසකට දෙවාරය බැගින් රුසියාව බලා ගොස් එසේ ලබාගත් මාෆියා උපදෙස් කෙසේ ක්‍රියාවට නංවාවීදැයි අවධානයෙන් සිටීම සියලු දෙනාට වැදගත්ය.
රාජපක්ෂ පවුලේ බල අරගලය වෙනතක යොමු කිරීම
එසේම සැප්තැම්බර් 5 මෙහෙයුම වනාහී රාජපක්ෂ පවුලේ බල අරගලය වෙනතක යොමු කිරීම් වස් නාමල් රාජපක්ෂ උත්කර්ෂයට නැංවීමේ අපේක්ෂාවද මේ පසුපස තිබෙන බවද ඉතාම පැහැදිළිය. මේ වන විටත් ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ එකිනෙකාගේ මුහුණ දෙස පවා බලන්නේ නැත. එසේම සැප්තැම්බර් 5 නාඩගමේ මුල්තැන නාමල්ට දී ඇති නිසා බැසිල් දැනටමත් ඒ පැත්ත පළාතේ නොඑන බව තම කල්ලියට දන්වා ඇත. ඒ බව හිටපු ජනාධිපතිද පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම පිළිගත්තේය.
05 වෙනිදා එන්නේ පාදඩයින් රැළක් :
අනෙක් අතට ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මේ වන විට ඒකාධිපති රාජපක්ෂ පවුලේ බුදලයක් බවට පත්කරගෙන හමාරය. ඒ තුළ තිබෙන දේශපාලන තර්කය අනුව 2005 වසරේ සිට අදටත් අදින් මතුවටත් රට පාලනයට සුදුසුකම් ඇත්තේ මැදමුලන රාජපක්ෂ පවුලට පමණය. ඒ හැර අනිත් සියළු දෙනා මැදමුලන රාජපක්ෂ පවුලේ ඉඳුල් පමණක් උරුම දේශපාලන වහලුන් බවට පත්කර තිබේ.
ඒ හමුවේ එදා මාර වමේ නායකයකු ලෙස පිළිගැනීමක් තිබූ වාසුදේව ඇතුළු පැරණි වමේ නායකයන්, ප්‍රගතිශීලී පිළේ නායකයකු වූ දිනේෂ් ඇතුළු පිරිස නිකංම නිකං දේශපාලන රූකඩ බවට පත්ව ඇත. එසේම ඔවුන්ට යන්තමින් හෝ තිබු දේශපාලන පෞරුෂය පවා අන්තිම බිංදුවට හිංදා ඇති නිසා ඔවුන් වටා සිටි බලවේගද අතුරුදහන්ව ඇත.
ඒ අර්ථයෙන් 05 වෙනිදා කොළඹට කැඳවා ඇත්තේ යහපාලනය යටතේ දුර්වලව සිටින මිනීමරුවන්, කුඩුකාරයින්, ස්ත්‍රී දුෂකයින්, ජනතා දේපල කොල්ල කෑ දේශද්‍රෝහීන්, කසිප්පුකාරයින් ආදී පාදඩයින් පිරිසක් පමණක්ය.
විරෝධතාව හිංසාකාරී වුණොත් නීතිය අකුරටම
පස්වැනිදා කොළඹ පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරය මුවාවෙන් කවුරු හෝ මහජනතාවට හිංසාකාරී ලෙස හැසුරුණහොත් පොලිසිය ඊට එරෙහිව ක්‍රියාකරන බව නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා 'දිවයින' පුවත්පතට කර ඇති ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ ඒ පසුබිමේය.
යහපාලන ආණ්ඩුවට එරෙහිව රටේ ඕනෑම තැනක විරෝධතා ව්‍යාපාර, සත්‍යග්‍රහ පැවැත්වීමට ඕනෑම අයකුට හෝ සංවිධානයකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දීමට හැකිකම තිබෙන බව පවසන රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුවාවෙන් මහජනතාවට හිංසාකාරී ලෙස කලබල කිරීමට හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීමට කවුරු හෝ පෙළඹෙන්නේ නම් පොලිස් නීතිය අකුරට ම ඉටු කරන බව ද අවධාරණය කර තිබේ.
සැබවින්ම තමන් සේවය කළ හාම්පුතාගේ ව්‍යාපාරය කොල්ල කෑම හේතුවෙන් නඩු පිට සිටින ගම්මන්පිල වැනි සුදු වතින් සැරසුණු හයිනාවන් කොළඹ රැකියා කරන උදවියට දැනටමත් රැකියා සඳහා නොඑන ලෙස වක්‍රව තර්ජනය කර ඇති බැවින් මේ 'මැර ක්‍රියාවලට' එරෙහිව ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමත් ජනතාවද තම ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමත් මේ හමුවේ අත්‍යාවශ්‍ය කාරණයක්ව තිබේ.