ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බෂෙල්ට් සඳහන්කර ඇත.
ඇය මේ බව ප්‍රකාශකර ඇත්තේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අමතමින්ය.
ශ්‍රී ලංකාව තුළ සංක්‍රමණික යුක්ති ධර්මය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරින් ඉතා සෙමින් ක්‍රියාත්මක වන බව සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සහ එහි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් වන බවත් මිෂෙල් බෂෙල්ට් එහිදී සඳහන් කර ශ්‍රි ලංකාව තුළ දිගුකාලීන ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා බලධාරින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඇය එහිදි වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එසේම 39 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් වීමට නියමිතව ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය ඊයේ (10) ආරම්භ වු අතර එය ලබන 28 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.