ජොනීගේ නඩුවට මාධ්‍ය වාරණයක්

ජොනීගේ නඩුවට මාධ්‍ය වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (11) නියෝගයක් නිකුත්කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රාජපක්ෂ පාලන සමයේ  වෙළඳ අමාත්‍යවරයා ලෙස  සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අදාළව මෙම  නඩුව අද (11) කුරුණෑගල මහාධිකරණයේ දී කැඳවා තිබිණ.

අදාළ නියෝගයට අනුව පැමිණ සිටි මාධ්‍යවේදීන්ට මහාධිකරණයට යාමට ප්‍රධාන ගේට්ටුවෙන් කුරුණෑගල අධිකරණ පරිශ්‍රයටවත් ඇතුළු වීමට ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරිහු ඉඩ නොදුන් බවද වාර්තා වන අතර කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කුරුණෑගල අධිකරණයේ විභාගවන නඩුවක් වාර්තා කිරිම තහනම් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවද එම මාධ්‍යවේදීන් සඳහන් කරයි.

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු වු මොහොමඩ් හකීර් සහ සතොස  හිටපු සභාපතිවරයකු වු නලීන් ප්‍රනාන්දු යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර මෙම නඩුව අද  සිට අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න