ජොනීගේ නඩුවට ගිය ඒකාබද්ධ මන්ත්‍රී රොත්ත : අධිකරණයට අපහාස කරලා

ජොනීගේ නඩුවට ගිය ඒකාබද්ධ මන්ත්‍රී රොත්ත : අධිකරණයට අපහාස කරලා

ලක් සතොස ආයතනයේ මූල්‍ය වංචා කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන කුරුණෑගල මහාධිකරණයට ගිය පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 ක පමණ පිරිසක් අධිකරණයේ සාක්ෂිකරුවන් සඳහ වෙන් කොට ඇති සාක්ෂි මඩුවේ වාඩි වී ඇති බව වාර්තා වෙයි.

මෙම මන්ත්‍රීවරුන් අතර සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, ජයරත්න හේරත්, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත් යන ඒකාබද්ධ විපක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිටි බවද දැනගන්නට ඇත.

සාක්ෂි මඩුව යනු කිසියම් නඩුවක එක් සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබා දෙන අතරතුර එම නඩුවේ අනෙකුත් සාක්ෂිකරුවන්ට එකී මුල් සාක්ෂිකරුවාගේ සාක්ෂිය නොඇසෙන පරිදි රඳවා තබන ස්ථානයයි. එය අධිකරණ ශාලාවෙන් පිටත ස්ථාපනය කොට ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට සහය පළ කිරීමට පැමිණි පසුගිය රජයේ ප්‍රබලයන් පිරිසක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ සාක්ෂි මඩුව තුළ වාඩිවී සිටීම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වෙත අයුතු බලපෑමක් කිරීමක් බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එකී මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවත් විචාරකයෝ පවසති.   

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු සෙසු විත්තිකරුවන් තිදෙනා හෙට (සැප් 12 ) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර ඇති බවද  වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න