කිරි චෝදනාවට එරෙහිව : තුසිතගෙන් CID වෙත පැමිණිල්ලක් 

කිරි චෝදනාවට එරෙහිව : තුසිතගෙන් CID වෙත පැමිණිල්ලක් 

සැප්තැම්බර් 5 වනදා කොළඹ සිදුකළ ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථක විරෝධතාවට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් විෂ සහිත කිරිපැකට් බෙදාදුන් බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක්  සිදුකරන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

අදාළ පැමිණිල්ල අද (11 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී සෙනෙවිරත්න වෙත සිදුකර ඇත. 

එම පැමිණිල්ලේ මෙසේ ද සඳහන්ව ඇති බව වාර්තා වෙයි.

තුසිතගේ පැමිණිල්ල 

පසුගිය සැප්තැම්බර් 05 වෙනිදා කොළඹ දී සිදුකළ විරෝධතාවක් සඳහා සහභාගී වූ පිරිසට විෂ සහිත කිරි පැකට් බෙදා දුන් බවට 2018/09/10 දින ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකු විසින් ජාතික ලොතරැයි මණ්ඩලයට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වන මාහට අයුතු චෝදනාවක් එල්ල කරමින් බරපතළ අපහාසයක් සිදුකොට ඇත.

ඒ සඳහා යොදාගත්තා යැයි චෝදනා කරන ජාතික ලොතරැයි මණ්ඩලය සතු ND-3094 දරණ වාහනය සැප්තැම්බර් 05 දින දවස පුරා ආයතනයේ රාජකාරී කටයුතුවල යොදවා ඇති බවත්, එය වෙනත් කිසිදු කාර්යයක් සඳහා යොදාගෙන නොමැති බවත් වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

මාගේ දැනුවත්වීම අනුව සැබෑ තත්ත්වය එසේ වන බැවින් සත්‍ය විකෘති කරමින් විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇති මෙම චෝදනාව සහිත ප්‍රකාශය අතිශය බරපතළය.

මෙම බරපතළ ප්‍රකාශයට අදාළ සිද්ධිය පිළිබඳව හදිසි කටයුත්තක් සේ සලකා ඉක්මන් පරීක්ෂණයක් සිදුකොට සත්‍ය අනාවරණය කිරීමටත්, එහි වරදක් සිදුවී ඇත්නම් හෝ කිසිවකු සිදුකර ඇත්නම් ඒ සඳහා නීතිමය කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න