මූල්‍ය ප්‍රකාශ ලබා නොදුන් සුමිත්ට : හොකී නිලවරණය අහිමිවෙන ලකුණු !

මූල්‍ය ප්‍රකාශ ලබා නොදුන් සුමිත්ට : හොකී නිලවරණය අහිමිවෙන ලකුණු !

ශ්‍රී ලංකා හොකී සංගමය විසින් 2018 වසරේ නිලවරණය ඔක්තෝම්බර් මස 08 වනදා කැඳවා ඇති අතර එහි තනතුරු කිහිපයක් සඳහා තරඟ කරන පුදගලයන් කිහිපදෙනෙකුට සහ ඊට ජන්දය ලබාදීමට සුදුසුකම් ලබාසිටින කණ්ඩායම් දෙකකට විරුද්ධව මේවනවිට විරෝධතා ගොනුකර පවතී.
 ඒ පිලිබඳ මාධ්‍ය සාකච්ජාවක් පසුගිය බ්‍රහස්පතින්දා (13) හැව්ලොක් BRC ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි.

එහි තනතුරු කිහිපයක් සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ට  සහ කණ්ඩායම් දෙකකට විරුද්ධව විරෝධතා පලකල, කණ්ඩායම් විසින් මෙම මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබුණි. 

කොළඹ හොකී සංගමය, වෙළඳ සේවා හොකී සංගමය, නුවර හොකී සංගමය, යාපනය හොකී සංගමය සහ මාතලේ හොකී සංගමය යන සංගම් නියෝජිතයන් ඊට එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ පිරිස් පවසා සිටියේ පැන නැගී ඇති නුසුදුසුතා කිහිපයක් පදනම්කරගෙන හොකී නිලවරණයේ ලේකම් ධූරය සඳහා තරඟ වදින සුමිත් එදිරිසිංහ මහතා එම තනතුරට නුසුදුස්සෙකු බවයි. 

ඒ බව වෙළඳ සේවා හොකි සංගමයේ සභාපති මංජුල විජේමාන්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා හොකී සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමුකරමින් මේ පිලිබඳ වැඩි දුරටත් කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයා වන සුමිත් එදිරිසිංහ මහතා ක්‍රීඩා නීති හා රෙගුලාසි උල්ලංඝනය කිරීම, නිල කාල සීමාවකදී නිශ්චිත කාලසීමා සඳහා විපරීත මූල්‍ය ප්‍රකාශ ලබානොදී ඇති බවත් ඒ අනුව 2013, 2014, 2015 යන වර්ෂ සඳහා සුමිත් එදිරිසිංහ මහතා  විපරීත මූල්‍ය ප්‍රකාශ ලබාදී නොමැති බැවින් ක්‍රීඩා පනතේ වගන්ති අනුව සුමිත් එදිරිසිංහ මහතා හොකී සංගමයට අනුබද්ධ සංගමයක සාමාජිකයකුවීමට  නුසුදුස්සෙකු වන බැවින් ඔහු විසින් 2018 හොකී නිලවරණය සඳහා ඔහු විසින් යෝජිත සියලු නාමයෝජනා සහ ස්ථිර කරන ලද සියලු නාම යෝජනා සහ ඔහුගේ නාමයෝජනවද ප්‍රතික්ෂේප කරන ලෙස වෙළඳ සේවා හොකි සංගමයේ සභාපති මංජුල විජේමාන්න මහතා යොමුකළ ලිපියේ උපුටා දක්වමින් මංජුල විජේමාන්න මහතා එම මාධ්‍ය හමුවේදී කරුණු සඳහන් කළේය.

එසේම ඉහත නිලවරණයේ උප සභාපති ධූරය සඳහා තරංග වදින ජේ.ඒ.පී. ජයසිංහ මහතා ද එම තනතුරට තරංග වැදීමට තරම් සුදුස්සෙකු නොවන බවද කරුණු සහිත ලිපියක් ශ්‍රී ලංකා හොකී සංගමයේ නිසි බලධාරියා වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමුකරමින් අදාළ කරුණු දක්වා ඇත. ජේ.ඒ.පී. ජයසිංහ මහතා මිට පෙර හොකී සංගමයේ ලේකම් ධූරය දරනු ලැබූ කාල සීමාව තුලදී ක්‍රීඩා පනතේ 4A  කොටසේ, (න) ජේදයට අනුව සහ 6A කොටසේ (XV) සහ XVI) වගන්ති අනුව ක්‍රියා කර නොමැති බැවින් එවැනි පුද්ගලයෙකු ජාතික සම්මේලනයේ හෝ ජාතික සංගමයකට අනුබද්ධිත සංගමයක නාමිකයෙකු වීමට නුසුදුසු බවද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකෙරිණි.

මීට අමතරව මාතර සහ රත්නපුර දිස්ත්‍රික් හොකී සංගම් සඳහා මෙවර නිලවරණයේදී ජන්ද බලය ලබාදීමට සහ නියෝජනය කිරීමට  ලබාදෙන තීරණයටද කොළඹ හොකි සංගමය සිය විරෝධතාවය දක්වා ඇත. ඒ අනුව කොළඹ හොකී සංගමයේ සභාපති සුරේන් විජේරත්න මහතාගේ අත්සනින් යුතුව පසුගිය අගෝස්තු මස 01 වැනිදා හොකී නිලවරණ කමිටුව වෙත යැවූ ලිපිය තුලින් ඒ පිලිබඳ කරුණු සහිතව සිය විරෝධය ඉදිරිපත්කර ඇත. ඒ අනුව මාතර සහ රත්නපුර හොකී සංගම් දෙක වෙත විරෝධතා දැක්වීමට පොදු හේතු මෙසේ දක්වා ඇත. එනම්, මාතර සහ රත්නපුර සාමාජිකත්වය ලැබීමට අවම සුදුසුකම් හෝ නොතිබීම, අභියාචනාධිකරණය වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා රත්නපුර සහ මාතර දිස්ත්‍රික් හොකී සංගම් ක්‍රියාකාරී සංගම් නොවන බව සහතික කිරීම, ව්‍යාජ කණ්ඩායම් යොදාගෙන ජාතික ශූරතාවලි තරඟ නියෝජනය කිරීම, 2018 ජාතික ශුරතා තරඟාවලියේදී මාතර දිස්ත්‍රික්කය තරඟ පාවාදීමේ චෝදනා ලබා ඇති බවද වෙළඳසේවා හොකි සංගමයේ සභාපති සුරේන් විජේරත්න මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය සාකච්ජාවේදී අදහස් දැක්වූ මාතලේ හොකී සංගමයේ නියෝජිත, හිටපු ප්‍රවීන හොකී ක්‍රීඩක දිලූක වීරසූරිය මහතා ඇතුළු හොකී සමාජ කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න