2019 ට : ජවිපෙත් තරගයට

2019 ට : ජවිපෙත් තරගයට

2019 අග මීලඟට කැඳවීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂය විසින්ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසීය.

තම පක්ෂය විසින් ගෙන ආ විසිවන සංශෝධනය හරහා ජනාධිපතිවරණය අවලංගු කිරීමට සූදානම් බවත්, එහෙත් විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුව හොත්, පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ මේ වනතෙක් පක්ෂය විසින් තීරණය කර නොමැති බවත්, ඉදිරියේදී සාකච්ඡාකර එම අපේක්ෂකයා තෝරා ගන්නා බවත් ඔහු පැවසීය.

ජවිපෙ ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසැකවම පක්ෂයේ සාමාජිකයකු වන බවත් කිසිසේත්ම ඔහු පොදු අපේක්ෂකයකු නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න