රාජ්‍ය මාධ්‍ය : "සංස්කෘතික වැඩසටහන්" සඳහා   රිවර්ස් ගියර් දමයි ! 

රාජ්‍ය මාධ්‍ය : "සංස්කෘතික වැඩසටහන්" සඳහා   රිවර්ස් ගියර් දමයි ! 

යථාරූප වැඩසටහන නවතා ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්  කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ. 

එම පියවර ගෙන ඇත්තේ පසුගිය දා ජනාධිපතිවරයා දුන් උපදෙසකට අනුවය. ලංකාවේ මිනිසුන් බහුතරයක් ජ්‍යොතිෂ්‍යය වැනි දේ විශ්වාස කරන බවත්, ඒවාට පහර ගසන්නට නොයන ලෙසත් ජනපති උපදෙස් ලැබුණු බව පැවසේ. එම උපදෙස් මත ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කරන වැඩසටහන් වහාම ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රේක්ෂක අප්‍රසාදය පළ වී ඇත.

මේ අතර, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR)  අනුග්‍රහයෙන්  ITN fm ඔස්සේ විකාශය වන  `කණට පාරක්` රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ මහතා එම ඒකකයට කැඳවා පැය හතරක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න