ඇමති මහින්ද සමරසිංහට අලුත් තනතුරක් ! 

ඇමති මහින්ද සමරසිංහට අලුත් තනතුරක් ! 

වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ එම තනතුරේ නිල කාලය ඉකුත්  10 වැනිදා අවසන් වුණු අතර ජනාධිපතිවරයා විසින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙසේ පත් කරනු ලැබ ඇත්තේ ඒ පුරප්පාඩුව සඳහාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට එක් සමාජිකයකු තමන්ගේ අභිමතය පරිදි පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තවත් සමාජිකයන් 6 දෙනෙකුගේ නිල කාලයද ලබන මාසයේ අවසන්වීමට නියමිතය. මෙහි සාමාජිකයකුගේ නිල කාලය වසර තුනකි.

කතානායක , අගමැති හා විපක්ෂ නායක මෙම සභාවට නිල බලයෙන් පත්වෙන අතර කතානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ස්වාධීන කොමිසන් සභාවලට සාමාජිකයන් පත් කිරීම,  ඉහළ ස්වාධීන තනතුරුවලට සාමාජිකයන් පත් කිරීම මෙම සභාවට පැවරෙන ප්‍රධාන වගකීම් අතර වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න