ෆොනීගේ තරු ගැලවේ !

ෆොනීගේ තරු ගැලවේ !

පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබෙන බවද දැනගන්නට ඇත.

ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමඟ අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් කරන බවග වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න