රවී ඇමරිකානු පුරවැසිකම අයදී !

රවී ඇමරිකානු පුරවැසිකම අයදී !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකානු රජයෙන් ආරක්ෂක පහසුකම ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.මේ සඳහා වන විශේෂ අයැදුම්පත ඔහු කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට යොමුකර ඇති බව දේශය පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ (ග්‍රීන් කාඩ්) ලාභියකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මඟින් කියා ඇත්තේ තමන් සම්බන්ධ නැති වරදකට චූදිතයකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය. එම නිසා තමන් ආරක හේතු මත ඉදිරියට අමෙරිකාවේ ජීවත් වීමට අපේක්ෂා කරන බැවින් ඊට අදාළ පහසුකම් සපයන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇතැයි සඳහන්ය.

එහෙත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඉල්ලීම ගැන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් තීන්දුවක් ගෙන නැත. ඔහු ලබන 19දා නැවත මෙරටට පැමිණි පසු කරුණු විමසීමක් කර අදාළ අයදුම්පත තීන්දුවක් ගැනීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත තහවුරු කරන නමුත් අද්මිරාල් විජය ගුණරත්න මහතාගෙන් ඒ ගැන විමසීමට ඔහු අපවෙත සම්බන්ධ කරගත නොහැකි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න