ඔස්කාර් සම්මානය ලබා දිය හැකි අමුතුම මාදලියේ දෙබිඩි රංගනයක යෙදෙමින් විරුද්ධවාදීන් අද රජය පෙරළීමේ කුමන්ත්‍රණයක යෙදි සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
මෙරට ජාතික උත්සවයකට ඉන්දියානු අගමැතිවරයා පැමණි මොහොතේ පොහොට්ටුවේ දේශප්‍රේමී නායකයින් “මුලු රටේම කළු කොඩි ඔසවමු, ඉන්දියානු තානාපති කාර්යාලයට පාගමනින් ගොස් වටලමු” යනුවෙන් ප්‍රකාශ කළ බවත්, නමුත් පසුගියදා හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පුතණුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී මෝදි සරණං ගච්චාමි, ඉන්දීය සරණං ගච්චාමි යනුවෙන් පැවසූ බව කී අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයා ලංකාවේ දී එක දෙයක්ද, ඉන්දියාවේදී තවත් දෙයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන්ගේ නිරුවත් දෙබිඩි දේශපාලන රංගනය මුළු රටටම අද හෙළි වී ඇති බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා අද ඉන්දීය සරණං ගච්චාමි කියා ප්‍රකාශ කරද්දී හිටපු නිවාස ඇමතිවරයාගේ වස්ත්‍රය ගැලවී වැටුණු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙරට වෛද්‍ය සංඝමය පොහොට්ටුවේ ලියාපදිංචි වෘත්තිය සමිතිය බවත්, රෝහල් වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් වෙනුවෙන් මරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ පොහොට්ටුවේ මහරජාණන් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම, ඉදිවූ “සත්හිරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගී වෙමිණි.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 123 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
මෙම උදා ගම්මානය නිවාස 22 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 179 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
“සත්හිරුගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 60 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 135 කට රුපියල් ලක්ෂ 135 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 70 කට රුපියල් ලක්ෂ 140 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 125 කට රුපියල් ලක්ෂ 62 ක් වටිනා නිවාස ණය හා ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 67 දෙනෙකුට රුපියල් ලක්ෂ 30 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ස්වයං රැකියා ණය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 105 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ඩබ්. චමින්ද විජේසිරි, ඌව පළාත් ආණ්ඩුකාර ආර්ය බණ්ඩාර රැකව යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


 
     
     
    