දෙබිඩි මහින්ද යළිත් කරළියේ !

දෙබිඩි මහින්ද යළිත් කරළියේ !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා යැයි තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියි.

හිටපු ජනාධිපතිවරයා  මේ බව කියා සිටියේ කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති දානමය පිංකම ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘ඒක අමු බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත දෙයක්’ යැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද විමසීමකදීය.

ගම්මන්පිළ අනාථයි !

කෙසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට ඉන්දීය සංචාරය අතරතුර ” ද හින්දු” පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සම්මුඛ  සාකච්ඡාවකට එක් වෙමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන්කර සිටියේ හිටපු ජනාධිපතිගේ මේ ප්‍රකාශය හරහා 2019 ජනාධිපතිවරණයට ඒම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට නියත විවරණ ලබාදීමක් සිදුකර ඇති බවයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ කඳවුර නියෝජනය කරන පාර්ශ්වයන්ගේ මාධ්‍ය ජාල විසින්ද ගම්මන්පිළ මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ලබාදී තිබිණ.

එහෙත් හිටපු ජනාධිපතිගේ මේ ප්‍රකාශයත් සමඟ ඒ කතා සියල්ල සේදීගොස් තිබේ.

චමල් සමඟ වාසු නැගිටියි !

මේ අතර වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාද හිටපු ජනාධිපති ඉන්දියාවේදී සිදුකල ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මහින්ද කී සහෝදරයා චමල් රාජපක්ෂ බවය. 

ද්විත්ව පුරවසිභාවය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ  දෙදෙනාටම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්තාවක් නොමැති බවත් ඒ හේතුවෙන් අපේක්ෂකත්වය ලැබීමට සිටින එකම රාජපක්ෂ වන්නේ චමල් පමණක් බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ.

වෙල්ගමගේ රාජපක්ෂ  විරෝධය !

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ  ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා නැවත රාජපක්ෂවරයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව විරෝධය පළකර සිටියි.
 මේ සියල්ලට  නැවතත්  පවුල් වාදය රටට නොගැළපෙන බවත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට පමණක් සීමා කිරීම සම්බන්ධව තමන් දැඩිව විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එහිදී පවසා තිබිණ.

එහිදී ඔහු මෙසේද සඳහන්කර තිබේ.

මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න