ආණ්ඩුවේ ඊළඟ අදියර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමයි - අගමැති

ආණ්ඩුවේ ඊළඟ අදියර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමයි - අගමැති

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ගෙවුණු වසර තුන තුළ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට හැකි වූ බවත් තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

1995 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවට සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වූයේ 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් බාර දුන් නිසා බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  සිහිපත් කළේය.

අග්‍රාමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ ඊයේ  (15) පෙරවරුවේ මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැති සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.  මෙහිදී පවුල් 5400 ක් සඳහා සමෘද්ධි සහනාධාර හිමිකම් ලබාදුන් අතර එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

“1995 වසරේ දී සමෘද්ධි සහනාධාරය ලබාදීමට එවකට පැවැති ආණ්ඩුවට හැකි වූයේ ඊට පෙර පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා තිබූ නිසයි.

2015 දී අපි මේ ආණ්ඩුව බාර ගන්නා විට රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබුණා. රට විශාල ණය උගුලක සිර වී සිටියා. එදා රට ඉදිරියට ගෙන යාමට මුදල් තිබුණේ නැහැ. සෑම පැත්තකින්ම රට විනාශයට තල්ලූ වී තිබුණා. උද්ගතව තිබූ ඒ තත්ත්වය මත රට තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිව, පාලන කාලය වසර දෙකක් ඉතිරිව තිබිය දී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැදෙව්වා.
2015 වන විට රට කොතරම් කඩා වැටීමකට ලක්ව තිබුණා ද කියනවා නම් එවක පාලකයින් ලබාගෙන තිබූ මහා ණය කන්දරාවේ පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ.

කෙසේ වුවත්, ඒ මැතිවරණයට මුහුණ දෙමින් අප ප්‍රකාශ කළේ රට ගොඩනැගීමේ අභියෝගය බාර ගන්නා බවයි. ඒ අනුව රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී, ණය බර ගෙවා දමමින් රට ඉදිරියට ගෙන යන බව අප ජනතාවට ප්‍රකාශ කළා. ඒ මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වුණා. ඉන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. සමෘද්ධි දීමනාව වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. මේ ආකාරයට කෙටි කාලයක් තුළ සහන රැසක් ලබා දුන්නා.

ගත වූ වසර 3 තුළ ෂධ මිල අඩු කළා. හෘද රෝගින් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදුන්නා.  ර්‍ණළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පාසල් දියුණු කළා. පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සුරක්‍ෂා රක්‍ෂණාවරණ ක්‍රමයක් ඇති කළා. ගැබිණි මාතාවන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. මේ ආකාරයට අප ලබාදුන් සහන සහ ඇති කළ සංවර්ධන වැඩසටහන් ගැන පැය ගණනාවක් කතා කළ හැකියි. මේ දුෂ්කර කාලය ගෙවා දමමින්, අපේ ඊළඟ අරමුණ වන්නේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර, ලබාගෙන තිබෙන ණය අනාගත පරපුරට ගෙවීමට ඉඩ නොතබා, එය සම්පූර්ණයෙන්ම ගෙවා දමා රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න