ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය : කෝටි ගණනක TV ගැහිල්ලකට  සූදානම් ! 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය : කෝටි ගණනක TV ගැහිල්ලකට  සූදානම් ! 

යෝජිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දේශීය තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනයට ලබා නොදීමේ සැළසුම් සහගත මඟඩියකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ විකාශ අයිතිය ලබාදීමට සැරසෙන්නේ ස්පොර්ට්ස් ෆස්ට් ලෙස පවත්වාගෙන ගොස් 2015 ජූලි මාසයේදී නම වෙනස් කරන ලද TV One නාලිකාව සඳහාය.

මෙම මගඩිය සැළසුම්කර ඇත්තේ විකාශන අයිතිය සඳහා TV One හරහා  අධික ලංසුවක් තැබීම හරහාය. එහිදී ලංසුවේ වැඩි බව මිස අදාළ නාලිකාවේ ආවරණ හැකියාව නොසළකා කටයුතු කිරීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙම මගඩිය පිටුපස රුපියල් කෝටි ගණනක අතයට ගනුදෙනුවක්ද මේ වන විට තීරණය වී ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

TV One නාලිකාවේන් මුළු දිවයිනම ආවරණය නොවන අතර ඉන් ආවරණය වන්නේ දිවයිනෙන් 48% පමණ ප්‍රමාණයක්ය. විශේෂයෙන් එම නාලිකාවේ උතුරු නැගෙනහිර ආවරණය කිරීමට නොහැකි බවද දැනගන්නට ඇත.

පසුගිය කාලයේදී වෙළෙඳ අවදානමක්ද ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉතා සාර්ථකව දිවයින පුරා විසිරී සිටින  ප්‍රේක්ෂකයන් වෙත ගෙනඑනු ලැබුවේ ජාතික රූපවාහිනිය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න