පසුගිය පාලන සමයේ සිදු කල අදූරදර්ශී ක්‍රියාවන්හි ප්‍රතිවිපාක ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
ජනාධිපති ධුරය දැරිමට හැකිව තිබු අවම වාර ගනනද වෙනස් කරමින් හිටපු ජනාධිපතිවරයා තම ධුර කාලය දිර්ඝකර ගැනීමට කටයුතු කළත් අවසානයේ වසර දෙකකට පෙර ඡන්දය පවත්වා වගකීම්වලින් පැන ගිය බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.
පසුගිය පාලන සමයේ තිබු අභියෝග වත්මන් ආණ්ඩුව බාරගෙන බැනුම් අසමින් ගැටලු විසදිමන් සිටින බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

