තවත්  ශ්‍රීලනිප සංවිධායකයින් පිරිසක් ළඟදීම එළියට - දුමින්ද 

තවත්  ශ්‍රීලනිප සංවිධායකයින් පිරිසක් ළඟදීම එළියට - දුමින්ද 

පක්ෂය වෙනුවෙන් වගකීම් ඉටුකළ නොහැකි සෙසු ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ආසන සංවිධායකවරු කිහිපදෙනකු පසුගියදා ඉවත් කොට නව සංවිධායකවරු පත් කිරීමට කටයුතු කළේ ඔවුන් සම්බන්ධයෙන් ඇති පෞද්ගලික තරහකින් නොව පක්ෂයේ උන්නතිය උදෙසාත් ඔවුන්ගෙන් නිසි සේවාවක් සිදු නොවන නිසා යැයි අමාත්‍යවරයා කීවේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර එකසිය පහක් පිරීම නිමිත්තෙන් දීපව්‍යාප්ත ආපදා සහන ස්වේච්ඡා බළකායක් පිහිටුවීමේ පුහුණු කඳවුරේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉකුත්දා සහභාගී වූ  අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණාත්මක පක්ෂයක් බවට පත් කිරීම සඳහා මේ සියලු කරුණු කාරණා ගත් බව කී අමාත්‍යවරයා මෙසේද  ප්‍රකාශ කර ඇත.

"මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ කාර්යය සියයට අනූපහකින් පමණ නිම කර අවසන්. මෙම වසර අවසන් වන විට ශාඛා සමිති සහ සාමාජිකයන් බඳවා ගැනීම දක්වාම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම සිදු කළේ මා එහි මහලේකම්ව සිටි සමයෙහි සිටයි. මෙම කාර්යය කරන්නේ පෞද්ගලික තරහකට නොවේ. පත්ව සිටි ආසන සංවිධාකවරු ඉවත් කොට නව සංවිධායකවරු පත් කිරීමට අපට සිදුවුණා. ඇතැමුන් චෝදනා කළා තමන්ට වඩා නුසුදුසු අය පත්වූ බවට. නමුත් සියලු පත්වීම් කළේ පක්ෂයේ අභිවෘද්ධිය පිළිබඳව සිතමින් පක්ෂය වෙනුවෙන් කැප විය හැකි අයට පත්වීම් දීමෙන්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න