දුමින්ද දන්නෙ නෑ : ඉවත් කළ සංවිධායකයන්ට නැවත පත්වීම් දෙනවා - එස්.බී 

දුමින්ද දන්නෙ නෑ : ඉවත් කළ සංවිධායකයන්ට නැවත පත්වීම් දෙනවා - එස්.බී 

සිය කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධුර ඉවත් කළේ ආසන බලමණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා බවත් සංවිධාන කටයුතු කිරීමෙන් පසු නැවත ඔවුන්ට එම තනතුරු දෙන බවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර අදාළ ගැටළුව පක්ෂ මධ්‍යම කාරකසභාවේ විසඳාගන්නා බවද සඳහන් කර ඇත.

අදාළ පිරිසට ආසන සංවිධායකධුර අහිමි වුණේ ආසන බලමණ්ඩල පිහිටු නොවීම නිසා බවත්  ඒවා පිහිටුවීමෙන් පස්සේ ඒ අයට ආයෙත් මේ තනතුරු දෙන්න හැකි බවද ඔහු පවසා ඇත.

එසේම මේ සම්බන්ධව අමාත්‍ය  දුමින්ද දිසානායක පණ්ඩිතකම් කියවා ඇති බවක් තමන් දුටු බවත් ඔහු දන්නා දෙයක් නොමැති බවද එස්.බී.දිසානායක මන්ත්‍රී වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න