බැසිල් ලංකාවට ආවේ ආණ්ඩුව පෙරළන්න !

බැසිල් ලංකාවට ආවේ ආණ්ඩුව පෙරළන්න !

තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ (ඊයේ 25) ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ මාධ්‍යයට ප්‍රකාශකර තිබේ.

මේ බව බැසිල් පාර්ශවය මෙන්ම පොදුජන පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍ය විසින්ද පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සිටියි.

එහෙත් ඒ කිසිවක වාර්තා කර නොමැති කරුණක් ද ඇත. ඒ රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය දේපල අවභාවිතය ඇතුළුව අයතා දේපළ අත්කර ගැනීම සම්බන්ධව නඩු විභාග වලට මුහුණදීමට සිදුව තිබීමය.

එසේම පසුගිය ජනාධිපතිවරණ සමය ආසන්නයේදී  රුපියල්  කෝටි 30 කට ආසන්න මුදලක් වැය කරමින් සෙවිලි තහඩු බෙදා දුන් බවට චෝදනා කරමින් හිටපු  ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ  මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පරා ඇති නඩුව ලබන නොවැමබර් මස  01 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මේ වන විටත් නියෝග කර ඇත.

දොම්පේ  මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට එරෙහිවද නඩුවක් විභාග වෙමින් පවතී.

තවද පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී .අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 ½  කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාතය බැසිල් රාජපක්ෂ මහතාට  සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේනිතුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයාට එරෙහි නඬුවද ඇතුළු තවත් නඩු බැසිල් රාජපක්ෂට එරෙහිව පවතී.

ඒ නිසාම බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බව කරමින් විදෙස් ගතවීමට අවස්ථාව ලැබුණේද අධිකරණයේ අවසරය ලබාගැනීමෙන් පසුවය. ඒ අනුව ආණ්ඩු පෙරළිලි කෙසේ වෙතත්  බැසිල්  රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියේ ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩු වලට පෙනී සිටීම සඳහා වන අතර එසේ නොවුණානම් ඔහුට එරෙහිව අධිකරණ නියෝග නිකුත්වීමේ අවධානමක් කොහොමත් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න