රාජපක්ෂ පාලන සමයේ අගනුවර සිදුවූ පැහැර ගැනීම් සහ අත් අඩංගුවේ වධ බන්ධන සම්බන්ධයෙන් යුද හමුදාපති ධුරය දරන සමයේ තමන් දැන සිටි බව වනජීවී කටයුතු භාර අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයට පත්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ඔහුගේ චෝදනාව එල්ලවූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයාට සහ යුද සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාටය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන්ට එබව ප්‍රකාශ කළේ කීත් නොයාර් මාධ්‍යවේදියා දස වසරකට ඉහතදී පැහැරගෙන ගොස් වධහිංසා කිරීම සම්බන්ධ රහස් පොලිස් පරීක්ෂණය සඳහා ඊයේ (25) ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.
මාධ්‍යවේදී කිත් නොයාර් මහතා දස වසරකට ඉහතදී පැහැරගෙන ගොස් වධහිංසා කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා බවටද හිටපු යුධ හමුදාපති ඇමති සරත් ෆොන්සේකා එහිදී පැවසීය.
මම එදත් කිව්වා අදත් කියනවා, කොළඹ වෙච්චි පහර දීම්, පැහැරගැනීම්, ඒ සියලු දේ ගෝඨාභය රාජපක්ෂලා කපිල හෙන්දවිතරනලා මෙහෙයවපු කල්ලි හරහා සිද්ධ වෙච්චි දේවල් කියලා,” - සරත් ෆොන්සේකා
තමන්ට හිතවත් ව සිටි යුද හමුදා නිලධාරීන්ට අත් අඩංගුවේ දී වධබන්ධන පැමිණවූ බවට ෆොන්සේකා අමාත්‍යවරයා එහිදී කල ප්‍රකාශය අතිශය බරපතල වන අතර එයින් පෙන්නුම් කරන්නේ සැබවින්ම ආරක්ෂක හමුදා සාමාජිකයින්ගෙන් පවා පලිගැනීමට රාජපක්ෂ පාලනය කටයුතු කර ඇති බවය.
යුද හමුදාවට මාධ්‍ය මර්දනයේ අවශ්‍යතාවක් තිබුණේ නෑ !
යුද හමුදා නිලධාරීන් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් හමුදාපතිවරයා ද වගකිව යුතු බව පෙන්වා දුන් මාධ්‍යවේදියකුට සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිචාරය වුයේ “රජය එක්ක තිබුණු ප්‍රශ්න මත තමයි ඒ හැමදේම සිද්ධ වුනේ. එතකොට ඒවා ඔලුවට ගත්තේ රජයයි ගෝඨාභය රාජපක්ෂලා මිසක්, අපි එව්වා ඔලුවට ගත්තේ නෑ,” යනුවෙන්ය.

