Language Switcher

V2025

මම බැසිල්ට කතා කල බව කියන කතා බොරු - ජනාධිපති

තමා හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දුන් බවට ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීම අමතමිනි.

'' පහුගියදාක භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සමග මම සාකච්ජා කරමින් සිටින අවස්ථාවේදී එක භික්ෂුන් වහන්සේ නමක් ''ජනාධිපතිතුමාට කෝල් එකක් කියල මට උන්වහන්සේගේ දුරකථනය දුන්නා. මම උන්වහන්සේගෙන් විමසුවා, ''කව්ද කව්ද කියලා...'' එහිදී උන්වහන්සේ පැවසුවා අපේ දන්නා කෙනෙක් කියලා ..

මම එවිට 'හලෝ හලෝ' කියද්දී එහා පැත්තෙන් කතා කලේ බැසිල් රාජපක්ෂ. මම හලෝ කියල දුරකථනය විසඳි කළා.....'' යයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ශ්‍රීලනිප කඩන ද්‍රෝහීන් සමග තැනට ඇයි හොදයියක් නැතැයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

 අගමැති සමග අවබෝධයකින්'

තමා හා අගමැතිවරයා අතර ගැටුම් ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා වල පලවී ඇතත් එම වාර්තාවල කිසිඳු පදනමක් නැතැයි ද පැවසු ජනාධිපතිවරයා, ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ අගමැතිවරයා සමග අවබෝධයකින් යුතුව බවද කියා සිටියේය.

එහෙයින් යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ස්ථාවරව පවතින බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.