ඇමති රාජිත දින 14ක් තුළ ජනතාවගෙන් සමාව නොගත්තොත් මන්ත්‍රී චතුර අමාරුවේ

ඇමති රාජිත දින 14ක් තුළ ජනතාවගෙන් සමාව නොගත්තොත් මන්ත්‍රී චතුර අමාරුවේ

ඉතා අසාධාරණ ලෙස හදිසියේ සිදුකල ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගත යුතු බවත් දින 14ක් තුළ එසේ සිදු නොකළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ දේශපාලන හැසිරීම ගැන විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට තමන් කටයුතු අරණ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ඊයේ (22 ) පැවති මාධ්‍ය හමුවකදී පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ මේ බව පැවසු අතර එසේම රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව නොගතහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද ඔහු පැවසීය.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය යනු ඇතැම් සිවිල් සංවිධාන මෙන් රුපියල් පන්දහසක් වැනි සුළු මුදලකට මාධ්‍ය හමුවක් පවත්වා දේශපාලකයන්ට සුදු හුණු ගාන ව්‍යාපාරයක් නොවන බවත් තම ව්‍යාපාරයේ භාවිතය සෙවීමට පෙර රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් ප්‍රකාශකයා ලෙස සිය වගකීම නියමාකාරයට ඉටුකිරීමට දැනගත යුතු බවද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පැවසීය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ කැබිනට් ප්‍රකාශකයා ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිය පෞද්ගලික අදහස් දැක්වීමට එම ධුරය යොදා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

තමන් මෙරට පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන සංගමයක් බවත් එනිසා තමන්ට චෝදනා කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීම කල ආකාරයත් ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල සමයේ පෑලියගොඩ මාළු වෙළඳපොලේ ආපන ශාලාව බදු දුන්නේ කාටද? කීයකටද ? වසර කීයකටද යන්න හෙලිකිරීම වැදගත් බවද ඔහු පැවසීය.

එසේම තවදුරටත් වීදුරු ගෙවල් වල සිට ගල් ගැසුවහොත් වෙන දේ ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇති බවද සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

මේ අවස්ථාව සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න