Language Switcher

V2025

හමුදාව මට්ටු කරන්න සුනිලා අබේසේකරට තනතුරක් දීලා - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස

මානව හිමිකම් ක්‍රියාකාරිනී සුනිලා අබේසේකරව යහපාලන ආණ්ඩුව විසින් අතුරුදහන් වුවන් පිළිබඳ සොයා බලන කාර්යාලයේ සාමාජිකාවක් බවට පත්කිරීම හමුදාවට කළ විශාල අසාධාරණයක් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස පවසයි.

රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස මේ බව සඳහන් කර සිටියේ තරුණයක් 9 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව චෝදනා ලබා සිටින කොමදෝරු ඩී.කේ.පී. දසනායකගේ සුවදුක් බැලීම සඳහා මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සඳහන් කර සිටියේ සුනිලා අබේසේකර යනු ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව ලෝකෙට කරුණු කියූ කාන්තාවක් බවත් ඇයව අතුර්දහන් වුවන් පිළිබඳ සොයා බලන කාර්යාලයේ වැඩවලට එකතු කරනවා නම් හමුදාවට අබ සරණයි කියාය.

එසේම ආණ්ඩුව දැන් හොඳටම ඇණගෙන සිටින බවත්, ආණ්ඩුව බලය ලැබූ මොහොතේ පෝර්ට් සිටිය ගැන චණ්ඩි පාර්ට් දැමු නමුත් පසුව හම්බන්තොට වරාය මෙන්ම ඉඩකඩම් සේරම චීනයට දෙන්නට සිදුවූ බවද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස පැවසීය.

සුනිලා අබේසේකර මියගියේ 2013 සැප්තැම්බර් 09

කෙසේ වුවත් ඉත්තෑකන්දේ සද්ධාතිස්සගේ මේ ප්‍රකාශය සම්බන්ධව සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම newstube.lk වෙත අදහස් දැක්වූSunila Abeysekera අතර ඔවුන් සඳහන් කර සිටියේ බෞද්ධ චීවරයට මුවාවී ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සිදුකරමින් සිටින්නේ වෛරය වැපිරීම බවය. එසේ නොවන්න යහපත් මනසකින් හෙබි භික්ෂුවක් නම් 2013 වසරේ සැප්තැම්බර් 09 වනදා මියගිය සුනිලා සහෝදරියට අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ රාජකාරී සඳහා අනියුක්ත කර ඇති බවට මුසාබස් දෙසන්නට කටයුතු නොකරනු ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම වසර ගණනාවක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය පතුරවමින් ඒ වෙනුවෙන් අමාත්‍යංශ වල වාහන සහ උපදේශක තනතුරු ලබා සැපට ගෙවූ ජීවිත දැන් අහිමිවී ඇති බවත් සාමය සංහිඳියාව ඇතිකරලීම මේ චීවරධාරීන්ට නයාට අඳුකොළ සේ දැනෙන්නට ගෙන ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියි.

තවද මේ ආකාරයට කිසිඳු වගකීමකින් තොරව ගජබින්න දෙසන්නට මොවුන් කටයුතු කරන්නේ සිවුරේ බලය ගෙන ජනතාව මුලා කළ හැකිය යන විශ්වාසයෙන් බවත් එනිසා ජනතාව මේ රා බී මත්වුණු නාලාගිරිටත් අපහාසයක් කරන මිසදෙටු භික්ෂුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.