සතියක් ඇතුළත රුපියල රකින වැඩපිළිවෙල දෙන්න : අගමැති දැනුම්දෙයි !

සතියක් ඇතුළත රුපියල රකින වැඩපිළිවෙල දෙන්න : අගමැති දැනුම්දෙයි !

ගෝලිය ආර්ථිකයට ඝෘජුව බලපාන අමෙරිකා ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ඇතිවන අර්බුදයේ දී රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරි සතියේ දී සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවෙත උපදෙස් දී‍ ඇති බව වාර්තා වෙයි.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සහ චීනය සමඟ කරන වෙළෙඳ ගනු දෙනුවල දී අධික බදු ක්‍රියාත්මක කිරීම නිසා ඇති වන තත්ත්වයන්ට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) උපදෙස්දී තිබෙන බවද වාර්තා වෙයි. 

අගමැති වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ඉදිරියේ දී ක්‍රමෝපායන් සැලසුම් කිරීමට නියමිතය. 

අමෙරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟම ශ්‍රී ලංකා තේ ඉරානය වෙත අපනයනය කිරීමට නොහැකි වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව චීනයට එරෙහිව අමෙරිකාව පනවා තිබෙන තීරු බදු හේතුවෙන් ඉදිරියේ දී චීන රජය ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා නොයනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ රජයට උපදෙස් දී තිබේ.

අදාළ අංශ සකස් කරන ක්‍රමෝපායන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයෙන් පසු ක්‍රියාවට නංවනු ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න