මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : පොලිස් ලොක්කන් පෝළිමට CID යට කැඳවලා !

මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : පොලිස් ලොක්කන් පෝළිමට CID යට කැඳවලා !

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂ  ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කලූතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙම විමර්ශනයට  අදාළව පොලිසියේ ප්‍රබලයින් රැසකගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවද වාර්තා වෙයි. 

ඒ අනුව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ  , ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරාකාපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න