දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාල භුමියේ අමානුෂික ලෙස රඳවා සිටි කලන හස්තියා රිදීගම සෆාරි උද්‍යානයට ගෙනයාමෙන් පසු කලනගේ පසුපස පාද වල තුවාල සම්පුර්ණයෙන් ම සුවතත්ත්වයට පත්ව ඇති බවත් ඉදිරිපස දකුණු පාදයේ තුවාලය ද මේ වන විට සියයට අනූවක් පමණ සුවවී ඇති බවත් වාර්තා වෙයි.
දෙවිනුවර දේවාලයේ කලන විඳිමින් සිටි අපා දුක පිළිබඳ පළමුව අනාවරණය කළ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ විසින් පශුවෛද්‍ය නන්දන පෙරේරා වෙතින් කළ විමසීමේදී මේ ගැන දැනගන්නට ලැබී ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති පශුවෛද්‍ය නන්දන පෙරේරා මෙසේද සඳහන් කර ඇත."තවත් සතියක් විතර යද්දි තුවාලය සම්පුර්ණයෙන් ම සුව වේවි කියලා කියන්න පුලුවන් ...ඊට පස්සෙ එයාට තමන් කැමති විදියට ඇවිදින්න නිදහස ලැබේවි..."කලණ රිදීගම ට ආපු දවසේ පටන් මම ඇතුලු කණ්ඩායම එයා වෙනුවෙන් වෙහෙසුනා....මාස එක හමාරකින් මම නිවාඩු වක් ගත්තේ නෑ.හෙට මට කොළඹ මීටින් එකක් තියෙනව ඒක්කෙන් පස්සෙ ගෙදර ගිහින් එන්න යනවා...පොඩි නිවාඩුවක් ගන්නවා...ඊලගට සිටින පශුවෛද්‍ය වරයා ඇතුලු කණ්ඩායම ට අවශ්‍ය උපදෙස් දීලා යන්නේ ඒ අය කලණව බලාගනීවි ...!"
මේ සිදුවීම අනාවරණය කල සිටියේ දයා නෙත්තසිංහ මාධ්‍යවේදියා විසින් වුවත් පසුව එම පුවත පළමු අනාවරණයක් ලෙස මාධ්‍ය කිහිපයක පලකරනු දක්නට ලැබිණ. එහෙත් පුවත් වටිනාකම හැර මේ සත්වයා ගැන වෙන කිසිඳු හැඟීමක් ඔවුන්ට නැති බව තහවුරු වන්නේ එම සත්වයා පිළිබඳ නැවත පසු විපරමක් පවා ඔවුන් අතින් සිදුව නැති නිසාය.



