ජොනීගේ ඊළඟ නඩුව : දෙසැම්බර් 14 සිට විභාගයට !

ජොනීගේ ඊළඟ නඩුව : දෙසැම්බර් 14 සිට විභාගයට !

රාජපක්ෂ පාලන සමයේදී සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක්  සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් 14 වනදා විභාගයට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත්කර ඇති අතර දැනට වෙනත් නඩු කටයුත්තක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා දෙසැම්බර් 14 වනදා වන විටත් බන්ධනාගාරයේ සිටින්නේ නම් ඔහු එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට ද දන්වා ඇත.

2010 - 2014 කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරිවලින් ඉවත්කොට දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී බෙදාහැරීම සඳහා කුරුණෑගල ලක් සතොස ගබඩා තුනකින් රුපියල් ලක්ෂ 52ක් වටිනා භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා පැහැර හැරීම පිළිබඳ නඩු විභාගයට අදාළවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න