රොහාන් වැලිවිට යන තම නම වංචනිකයකු විකුණන බවත් එම වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න ලෙසත් සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර අදාළ පුද්ගලයා හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇති බවද එහි සඳහන්ව ඇත.
හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රොහාන් වැලිවිට නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. මාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවන බව මා වෙත වාර්තා වී තිබේ. මෙම පුද්ගලයා මාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇත.
ආසන්නතම සිද්ධිය ලෙස අනුරාධපුර ප‍්‍රදේශයේ හිමිනමකගෙන් හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යැයි පවසා කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධව මා විසින් හෝමාගම පොලිසියේ අංක ක්‍ෂඊ :2* 359රැු98 අංකය යටතේ පැමිණිල්ලක් කර එය විභාග වෙමින් පවතී.
යම්කිසිවෙකුට තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදුනහොත් හෝ හඳුන්වාදුන හොත් මාගේ හෝ මාගේ නීතීඥ නිලන්ත විජේසිංහ මහතාගේ 0771500500 දුරකථන අංකයට කතා කොට එම වංචනකියා හදුනා ගැනීමට සහයෝගය දක්වන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිමි.

