අදාළ සාකච්ඡාව අද පස්වරු 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් එයට සහභාගීවන ලෙසත් ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් එරික් ප‍්‍රසන්න වීරවර්ධන මහතා විසින් ලිපියක් මඟින් පෙරවරුවේදී මන්ත‍්‍රීවරයාට දැනුම්දී ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කර තිබේ.
කෙසේ වුවත් ඒ සම්බන්ධව අදහස් දක්වන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු නායකයන්ගේ අනුමැතියකින් තොරව තමන්ට ජනාධිපතිවරයා සමඟ නිල සාකච්ඡාවකට සහභාගිවිය නොහැකි බැවින් තමන් එම සාකච්ඡාවට සහභාගි නොවන බවය.
පවතින ආර්ථික අර්බුදය හා එය විසඳීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව තමන් මාධ්‍ය හමු ගණනාවකදීම අදහස් දක්වා තිබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

