මංගලව ආණ්ඩුවෙන් ඉවත් කරන්න - දේශ විමුක්ති ජනතා පක්ෂය ඉල්ලයි !

මංගලව ආණ්ඩුවෙන් ඉවත් කරන්න  - දේශ විමුක්ති ජනතා පක්ෂය ඉල්ලයි !

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකරන ඇතැම් ප්‍රකාශ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය. 

අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන පරිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ජනප්‍රිය වීමට කිසිදු උවමනාවක් නොමැති බවත් උන්වහන්නේ අති උතුම් පාප් වහන්සේට පසුව සිටින ප්‍රධාන පුජකවරයෙක් බවද පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසයි.

මෙවැනි අමාත්‍යවරු ඉවත් කිරිම ආණ්ඩුවේ වගකීම බවද උන් වහන්සේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙම ප්‍රකාශය දැඩි ලෙස විවිචෙනය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න