රුපියල රකින්න ඩොලර් මිලියන 184ක් වැයකරලා - මහ බැංකු අධිපති 

රුපියල රකින්න ඩොලර් මිලියන 184ක් වැයකරලා - මහ බැංකු අධිපති 

ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණයවීම පාලනය කිරීම සඳහා මෙම වසරේ ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 184 ක් වැය කර තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා ඇත.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර රාජ්‍ය සුරැකුම්පත් මත විදේශිකයන් සිදුකර ඇති ආයෝජන අහිමිවීම හේතුවෙන් ජනවාරි සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 467ක් රටේ ආර්ථිකයෙන් පිටට ඇදී ගොස් ඇතැයි ද  සඳහන් කර ඇත.

එම කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 9.7 කින් අවප‍්‍රමාණය වී ඇති බව ද අධිපතිවරයා සඳහන් කර තිබේ.

එය තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමේ අරමුණින් රථවාහන ඇතුළු යම් යම් දේ ආනයන සීමා කිරීම සඳහා පසුගිය 29 වැනිදා සිට ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට එහි යම් ස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා ඇත.

රුපියල ආරක්ෂා කරගැනීම සඳහා රජය 2015 දී ඩොලර් බිලියන 3.2 ක් වියදම් කළ බව කී කුමාරස්වාමි මහතා එහිදී සියයට 10 ට ආසන්න ප‍්‍රමාණයකින් රුපියල අවප‍්‍රමාණය වූ බව ද කියා සිටියේය.

ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි කලාපයේ අනෙකුත් රටවල් ඩොලරයට සාපේක්‍ෂව සිය විනිමය අවප‍්‍රමාණය වීම වැළැක්වීම සඳහා ප‍්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු කර ඇතත් එම රටවලට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය මේ වන විටත් දැඩි කර තිබෙන නිසා ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි බව ද අධිපතිවරයා සඳහන් කළේය.

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පොළී අනුපාතිකය දැනට පවතින මට්ටමින්ම පවත්වාගෙන යාමට පසුගිය 01 වනදා රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ද කුමාරස්වාමි මහතා ප‍්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න