ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පවරා තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ඔවුන් පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ඇය පැවසීය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමඟ පසුගිය දා මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පැවසුවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනම කෙනෙකුට තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
2015 ජනවාරි 08 වැනිදාට පෙර දේශපාලඥයින්ගේ ආශිර්වාදයෙන් පාතාලය මේ රටේ ක්‍රියාත්මක වු බවත්, වත්මන් රජය අධිකරණයට බලපෑම් කර ඇති බවට කවුරුන් හෝ චෝදනා එල්ල කරයි නම් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

