දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වලත් මන්නාරම,වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලසහ සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (6) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

