නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් : අධිවේගයේ වේගය සීමා කරයි!

නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් : අධිවේගයේ වේගය සීමා කරයි!

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර ගෙන ඇත.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස පැවසුවේ,  බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය.

අධිවේගයේ වේගය සීමා කරයි!

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල වේගය සීමාකර ඇත. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල වේගය සීමාකර ඇත. 

මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට පවසන්නේ පැයට කිලෝ මීටර් 60 ක උපරිම වේගයකින් පමණක් වාහන ධාවනය කරන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න