නිල ආර්ථික වැඩ පිළිවෙල ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය සතු අත්දැකීම්, නව දැනුම හා සහය ලබා දීමට සූදානම් බව නොර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් (Mr. Nikolai Astrup) පවසා ඇත.
පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රී භෝජනයක් පිරිනමමින් අස්ට්‍රප් මහතා වැඩිදුරටත් පැවසූයේ දෙරටටම සාගරය ඉතා වැදගත් බැවින්, සාගර ආර්ථිකය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
සාගර අර්ථිකය නංවාලීමේ අරමුණින් නොර්වේ අග්‍රාමාත්‍යවරිය විසින් මේ වන විටත් ඉහළ පෙළේ කමිටුවක් පත් කර ඇති බව ද මෙහිදී අස්ට්‍රප් මහතා සඳහන් කළේය.
සමුද්‍ර දූෂණය අවම කර ගැනීම හා සාගර සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධවද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. අනාගතයේ දී මත්ස්‍ය වගාව සදහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය.
සාගර කලාපයන්හි සාමය, ආරක්‍ෂාව හා නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , නොර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූහ.

