මෙරට 37 වන නීතිපතිවරයා වූ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස්(Shibly Aziz)මහතා අද(08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුව ඇත.
ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයෙකු ලෙසද ෂිබ්ලි අසීස් මහතා සේවය කර තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වන අතර, අවසන් කටයුතු අද පස්වරු 5.30ට ජාවා මුස්ලිම් පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.

