විකෘති වූ මුදල් නෝට්ටු භාවිත කිරීම 2018 ජනවාරි මස 1 වැනි දින සිට තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බැවින් එවැනි මුදල් නෝට්ටු තමන් සතුව තිබේ නම් ළඟම ඇති බැංකුවකට ගොස් එම විකෘති මුදල් නෝට්ටු වෙනුවට පිරිසුදු මුදල් නෝට්ටු ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට උපදෙස් දෙයි.
ලබන ජනවාරි මාසයේ 1 වැනිදා සිට හෝ විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් භාර නොගන්නා අතර මහජනතාව තම ගනුදෙනුවලදී එවැනි විකෘති නෝට්ටු භාර ගැනීමෙන් වැළකෙන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතාමතාම විකෘති කරන පුද්ගලයන් වෙතොත් ඔවුන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.