සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්දට !

සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්දට !

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට  බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී ඊයේ  (9) රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂද මේ සාකච්ඡාවට සහභාගිවී ඇති අතර ‘‘අපිට ඉන්නේ එක නායකයයි නායකයෝ දෙන්නෙක් නැහැ.නමුත් ඔබතුමා ගන්න තීරණය උඩ අපි හිටගන්නවා‘‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකොන්  මෙහිදී ප්‍රකාශ කර ඇතැයිද  දැනගන්නට ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න