පොහොට්ටුවේ නිල නායකයා වෙන්න : මහින්දට බලපෑම්

පොහොට්ටුවේ නිල නායකයා වෙන්න : මහින්දට බලපෑම්

පවතින දේශපාලන දෙදරායාම වළක්වා ගැනීමට නම් මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ නායකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශ කලයුතු බවට යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායාකයින් විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් මෙම යෝජනාව සිදුකර ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමේ සිට මේ දක්වා ඒකාබද්ධ විපක්ෂය තුළ බිම් මට්ටමේ සිටින පක්ෂ ක්‍රියාකාරීන් වෙතින් ලැබෙමින් තිබෙන පැමිණිලි සමාලෝචනය කිරීමෙන් පසුවය.

බිම් මට්ටම බැසිල්ව ප්‍රතික්ෂේප කරයි

වාර්තා වන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය සමඟ පළමු අවස්ථාවේ සිට සම්බන්ධව සිටි ශ්‍රීලනිප සහ අනෙක් පක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය ක්‍රියාකාරීන් බොහෝ කෙනහිලිකම් මෙන්ම පොදුජන පෙරමුණේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ සම්බන්ධව බරපතල අවිශ්වාසයයත් බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට පැවතීමත් මීට හේතුවී ඇත.

විමල්ගේ යෝජනාවක්

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යෝජනා කර ඇත්තේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ නිල නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බවය.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ජනවාරි 2 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මේ ගැන නිල ප්‍රකාශයක් සිදු කල යුතු බවටද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් යෝජනා කර ඇත.

රාජපක්ෂ පවුල විරුද්ධයි

එහෙත් පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ විමල් ඇතුළු පාර්ශවයේ මෙම ඉල්ලීම සම්බන්ධව රාජපක්ෂ පවුල වෙතින් එකඟතාවක් පළවී නොමැති බවය. එසේම ජනවාරි 2 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවට මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය පවා ස්ථීර කර නොමැති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න