කෝප් කමිටුව රාජිතව අගයයි !

කෝප් කමිටුව රාජිතව අගයයි !

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කිරිම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ඊයේ (11) අගය කර ඇත. 

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව කෝප් කමිටුවට ඊයේ (11) කැදවා තිබුනි. සභාපති සුනිල් හදුන්නෙත්ති, නලීන් දජයතිස්ස, හර්ෂණ රාජකරුණා සහ හර්ෂ ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝප් කමිටු සාමාජිකයින් ලෙස එම අවස්ථාවට එක්ව සිට ඇත. 

එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඖෂධ ආනයනය කිරිම සදහා විදේශීය රටවලට ඇදී යන විනිමය ඉතිරිකර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය අගය කරන බවයි. 

ඒ සදහා කෝප් කමිටුවේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කර ඇත. තව ද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් පියවර ද කෝප් කමිටු සාමාජිකයින් ඇගයීමට ලක් කර ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව කර්මාන්ත ශාලාව අද (12) විවෘත වෙයි ! 

දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව කර්මාන්ත ශාලාව අද (12) විවෘත කිරීමට නියමිතය. 

දැනට පෙති හෝ කරල් වශයෙන් වසරකට මිලියන 1922 ක් ඖෂධ නිෂ්පාදනය කරන අතර, නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු එය මිලියන 3337 දක්වා වැඩි වෙයි. එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය ඖෂධ වලින් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් සපයනු ලබයි. ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240 ක මුදලක් වැය කරමින් නව කර්මාන්ත ශාලාව ඉදිකරන ලදි.

තව ද දේශිය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා මෙරට සහ විදේශිය ආයෝජකයින් 46 ක් සමග ද ගිවිසුම් අත්සන් කර ඇත. 

ඒ අනුව දැනට කර්මාන්ත ශාලා 03 ක ඖෂධ නිෂ්පාදනය කරයි. හොරණ සහ මහනුවර දිගන යන ප්‍රදේශවල එම කර්මාන්ත ශාලා ස්ථාපිත කර ඇත. ලබන වසරේ මුල් භාගය වන විට තවත් කර්මාන්ත ශාලා 02 ක් විවෘත කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ වසර 2020 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 90 ක් මෙරටදීම නිෂ්පාදනය කිරිමටයි. 

දැනට ඖෂධ ආනයනය කිරිම සදහා රජය විසින් වසරකට රුපියල් බිලියන 45 කට අධික මුදලක් වැය කරනු ලබයි. ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව සිදු කරනු ලබන අතර, එය අධීක්ෂණය කරනු ලබන්නේ සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න