විකටයන්ගේ  භාරකාර ආණ්ඩු  රංගනය නොමිලේ බලන්න ලැබිලා - සජිත්

විකටයන්ගේ  භාරකාර ආණ්ඩු  රංගනය නොමිලේ බලන්න ලැබිලා - සජිත්

බල තණ්හාවෙන් පෙළුණු විකට නළු නිළි දේශපාලඥයින්ගේ භාරකාර ආණ්ඩු විකට රංගනය මේ දිනවල මෙරට ජනතාවට නොමිලේ දැකබලා ගැනීමට හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමන් කිසිවිට සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපතිතුමන් මාධ්‍ය ඔස්සේ පවසන බවත්, විරුද්ධවාදීන් ආරම්භ කළ මෙම භාරකාර ආණ්ඩු විකට රංගනය අද පුස්සක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සැප්තැම්බර් මස 5 වැනිදා පොහොට්ටුවේ උද්ඝෝෂණයට පැමිණි පිරිසට විෂ සහිත කිරි පැකට් ලබා දීමේ රංගනයත්, මේ දිනවල කරළියට පැමිණ ඇති භාරකාර ආණ්ඩු රංගනයත් ජනතාව රැවටීමට සිදුකරන බොරුවක් බව කී අමාත්‍යවරයා, විරුද්ධවාදීන් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ සොරකමේ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට යාමට ඇති කෑදරකම නිසා බවත් මෙහිදි වැඩිදුරටත් පැවසීය.  

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ඉදිවූ “සත්සුවඳගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 137 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 20 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 204 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සත්සුවඳගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 60 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්  265 දෙනෙකුට ඇස් කණ්නාඩි, ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ බෙදා දීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න