මෛත්‍රීගේ ඉල්ලීම පුටින් පිළිගනී : රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම අවසන් !

මෛත්‍රීගේ ඉල්ලීම පුටින් පිළිගනී : රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම අවසන් !

ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු රජය විසින් පසුගියදා පැනවූ තහනම දෙසැම්බර් මස 30දා සිට අත්හිවිමට එරට බලධාරීන් අද (25) තීරණය කල බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

මෙරට තේ සඳහා තහනමක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු බලධාරින් අතර අද පෙරවරුවේ පැවති bසාකච්ඡා වෙන් පසු මෙම තීරණය ගෙන ඇත්තේ, මින් ඉදිරියට අතපසුවීම් සිදුනොවීමට වගබලා ගන්න බවට මෙරට නියෝජිතයින් එරට බලධාරීන්ට සහතික වීමෙන් පසුවය.

රුසියාව ශ්‍රී ලංකාවේ තේ සඳහා තහනමක් පැනවුයේ, මෙරටින් යැවූ තේ බහාලූමක 'කප්රා' නැමැති කුරුමිණි බිත්තර තිබු බව පවසමිනි.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවා වන අතර ශ්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට විසි පහක්ම මිලදී ගන්නේද රුසියාවයි.

ඒ අනුව, රුසියාව පැනවූ මෙම තහනම මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබිණ.

ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ඊයේ රුසියාව බලා පිටත්ව ගියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනාධිපති පුටින් මහතා අතර පැවති ලිපි හුවමාරුවක ප්‍රතිපලයක් ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති පුටින් මහතාට යැව් ලිපිය මෙම තහනම ඉවත්කර ගැනීමට විශාල පිටුවහලක් වූ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න